Pages

Tuesday, December 7, 2010

අභිමානවත් උදාර ජාතියක්‌ වූ සිංහල වංශය කටු අකුල් ඉවත ලා ස්‌වාධීනව නැගී සිටීමට උත්සාහ කරන මෙවන් අවස්‌ථාවක, එසේ නැගී සිටීමට එරෙහිව කකුලෙන් අදින, ආත්මාර්ථකාමී කුහක අරමුණු තම දර්ශනවාදය කරගත්, ලෝකයේ බලවතා තමන් යැයි කියා ගන්නා අධිරාජ්‍යයට තම අත් වලින්ම තම විලි වසා ගැනීමට සිදුවී ඇත.
තමංගේ ඇහේ තියෙන පොල් කෙන්ද ගැන හොයන්නේ නැතුව අනුංගේ ඇහේ තියෙන පොල් පරාලේ ගැන හොයන්න ගියාම ඔහොම දේවල් වෙනවා කියලා අපේ මුතුන් මිත්තෝ කිවුවෙ කට කහනවට නෙමෙයි කියලා දැන්නම් පේනවා.
වසර 30ක්‌ පැවති ත්‍රස්‌තවාදය වසර 3කින් අවසන් කර ශ්‍රි ලංකාව ලැබූ විජයග්‍රහණය හා ජාත්‍යාන්තර කීර්තිය ඔවුන්ට ඉවසාගත නොහැකි වන්නට හේතු තිබේ. ලෝකයේ දියුණුම සහ නවීනතම තාක්‌ෂණය ඇතුලු උසස්‌ම යුද ශක්‌තිය තමන් සතුව ඇතැයි උදම් ඇනුවද, වසර ගණනක්‌ තිස්‌සේ ඉරාකය සහ ඇෆ්ගනිස්‌තානය සමග බොරු යුද්ධයක්‌ කරමින්, එහි අවසානයක්‌ දැක ගත නොහැකිව සිටින ඔවුන්ට ලැජ්ජාව ඉවසා ගත නොහැකි වී ඇත. නමුත් දැන් සමස්‌ත ලෝකය ඉදිරියේ ඔවුන්ගේ ඇඳිවත ගැලවී ඇත. මුලු ලෝකය ඉදිරියේ තමන් සුදනා ලෙස බොරු රඟපෑමක්‌ කල ඔවුන්ට තමංගේ බොරුව එලි වූ විට ලැජ්ජාව වසා ගැනීමට දෑතම මදි වී ඇත.
ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක්‌ සාර්ථකත්වයට පත් වෙමින් ජාත්‍යන්තර අවධානයට ලක්‌ වීම නොරිස්‌සූ, එයට කටු අකුල් හෙලමින්, ගල් මුල් එල්ල කල එම පුහු රාජ්‍යය හා මෙම ශ්‍රී ලාංකා දේශය අතරට පලිහක්‌ ලෙසින් මැදිහත් වෙමින්, එම ගල් මුල් ප්‍රහාර ආපසු හැර වූ විකිලීස්‌ වෙබ් අඩවියට ස්‌තූතිය........

Monday, December 6, 2010

පරණ වුනත් මෙන්න සල්ලි......

 ශ්‍රී ලංකාවේ පැරණි මුදල් නෝට්‌ටු වල පින්තූර ටිකක්‌ හම්බුනා. දැකල තියෙන අයටයි, දැකලා නැති අයටයි හැමෝටම බලන්න ඔන්න දැම්මා...












මනාලියක්‌ හොයනවද?

කවදා හරි පත්තරේ මංගල දැන්වීමක්‌ දාන්න හිතාගෙන ඉන්නවද?
සාර්ථක ප්‍රතිඵල ලැබෙන විදියට නිර්මාණශීලී ආකාරයට දැන්වීම පලකරන්න දන්නවද?
උදාහරණයක්‌ දෙකක්‌ දෙන්නද.......

Monday, November 29, 2010

අන්තර්ජාලයේ සිංහලෙන් හොයමුද?

අන්තර්ජාලය තුල සිංහල භාවිතා කරන්න කැමති අයට 'සිංහල සෙවුම් යන්ත්‍රයක්‌'...
"ඒකාන්තයෙන් ඇති ඒ සැටියටම වන අන් ආකාරයකින් නොවන දෙය සත්‍ය නම් වේ".
සිංහලෙන් හිතන, සිංහලෙන් උගෙන, සිංහලෙන් කතාකරන, සිංහලයට ආදරය කරන අයට, ශී‍්‍ර ලාංකීය අනන්‍යතාවය හා අප විසින් වස‍ර දහස් ගණනක් රැකගෙන ආ අපටම ආවේණික වු අපේ දැනුම් පද්ධතිය අනාගත ප‍රපුර සදහා අන්තර්ඡාලය තුල සුරක්ෂිත කිරිමටත්, සිංහල භාෂාව අන්තර්ඡාලය තුල ප්‍රවර්ධනය කිරීම සදහාත් අරමුණු ක‍රගෙන.......
ස්රැත සිංහල ගවේෂකය


ස්‌තූතිය- සස්‌රුත නිර්මාතෘ වරුන්ට

Sunday, November 28, 2010

දැනට පාවිච්චි කරන Web Browser එක දැකලම එපා වෙලාද?

අලුත් browser එකක්‌ අත්හදා බලමුද? මොකද කියන්නෙ....
වැඩිය දැකල නැති Browsers ටිකක්‌ හඳුන්වලා දෙන්නද?
කැමති එකක්‌ තෝර ගන්න.









                   Flock






         Camino


         Maxthon


         Safari 


                   Shiira


                   Swift


         Xerobank








මෙතන තියෙන Browsers වලින් සමහර එවා සිත් ඇදගන්නා 3D ස්‌වරූපය තියෙනවා. ඔයලම අත්හදා බලන්නකෝ...
තවත් එවා හම්බුනොත්, අනාගතයේදි බලපොරොත්තුවන්න....

Saturday, November 27, 2010

ලංකාවේ මේ දවස්‌ වල තිරගත වෙන අලුත්ම Film එක

"Evelyn Salt is a CIA agent and highly respected by all, including her boss, Ted Winter. Out of the blue, a Russian spy walks into their offices and offers a vital piece of information: the President of Russia will be assassinated during his forthcoming visit to New York City to attend the funeral of the recently deceased U.S. Vice President. The name of the assassin: Evelyn Salt. Concerned about the safety of her husband, who she cannot contact, she goes on the run. Winter refuses to accept that she is a mole or a double agent but her actions begin to raise doubts. Just who is Evelyn Salt and what is she planning? "

මේක ලංකාවේ සිනමා ශාලවල තිරගත වීම ඇරඹුනේ ගිය සතියේ.
ඒත් ඒක ගෙදර ඉදගෙන බලන්න ඕනෙද?
එහෙනම් මෙන්න link එක

Salt (2010)

මා වෙත ලැබුනු මෙම නව පද රචනයෙහි නිර්මාණකරු කවුරුන්දැයි මම නොදනමි. නමුත් මෙහි සඳහන් කරුණු අපට අදාල වන බව නම් මම දනිමි.

නිවාඩු කාලේ කරන්න වැඩක්‌ නැද්ද?

Film 1ක්‌ 2ක්‌ download කරලා, බලමුද?
400MB වගේ අඩු ධාරිතාවයක්‌ අඩංගු film තියෙන web site එකක්‌ කියන්නද?
ඇත්තටම ඉතා මෑත කාලයේ නිෂ්පාදනය කෙරුනු films පවා හොඳ video quality වලින් මෙහිදී download කරගන්න පුලුවන්.
350MB සිට ඉහල ධාරිතා වලින් යුතු movies අතරින් කැමති 1ක්‌ තෝරාගන්න පුලුවන්.
එහෙනම් මෙන්න Link එක.....
http://www.mediafire4u.com/

හැබැයි මෙහෙම දේකුත් තියෙනවා...
මේ film download කරන්න, downloading software එකක්‌ අවශ්‍ය වෙනවා. ඒ කිවුවේ.. IDM, DAP වගේ...
ඒ එකකුත් ඕනනම් ඒක download කරගන්න, මෙන්න... කැමති software එකක්‌ Free download කරගන්න.
Internet Download Manager
Download Accelerator Plus

දැන් මෙහෙමයි වැඩේ කරන්නේ..
අර web site එකෙන් කැමති film එකක්‌ තෝරගත්තම, එතන තියෙන URL වලින් එකින් එක copy කරලා, මේ software එකකට paste කරල download කරන්න.
ඔක්‌කොම parts ටික download කරල ඉවර උනාම, ඒවා join කරන software එක මෙන්න HJsplit....

Friday, November 26, 2010

සතුන් ගැන ඔබ නොදත් පුදුම තොරතුරු


ඔබ දන්නවාද?
  • ගොළුඛෙල්ලෙකුට අවුරුදු තුනක් එකදිගට නිදාගන්න පුළුවන්.
  • සෑම සුදු වලසෙක්ම වමත් කරුවන්ය.
  • සමනලයන් රස බලන්නේ කකුල් වලිනි.
  • කුහුඹුවන් කිසි දිනක නිදාගන්නේ නැත.
  • බකමූනාට ඇස් හැරවිය නොහැක.
  • ඉපදුනු ගමන් කැන්ගරු පැටවකුගේ දිග අඟලකි.
  • එලදෙනෙක් තම ජීවිත කාලය තුල කිරි වීදුරු 200,000 ක් පමන සපයයි.
  • බල්ලන් වර්ග 701ක් පමන දැනට සොයාගෙන ඇත.
  • පටිපණුවාගේ දිග අඟල් 0.04 සිට අඩි 50ටත් වඩා විහිදී යයි.
  • වැඩි වශයෙන්ම මිනිසුන්ව සපා කන්නේ ජර්මන් ශෙෆඩ් වර්ගයට අයත් බල්ලන්ය.
  • ගැහැනු කුම්බලාවෙක් එක් වරකට බිත්තර 500,000 ක් පමන දමයි.
  • ලෝකයේ සතුන් නිසා ඇතිවන මිනිස් මරණ වලිට වැඩියෙන්ම වගකිවයුත්තේ මදුරුවන්ය.
  • කූනිස්සාගේ හෘදය පිහිටා ඇත්තේ හිසේය.
  • ඌරාට අහස දෙස බැලීමට නොහැක.
  • හයිඩ‍්‍රා නම් ජලජ ජීවියා මිය නොයයි. උන් අළුත් සෛල වලට පරන සෛල මාරුකර ප්‍රතිජනනය වෙයි.

පරිඝනකය භාවිතයට අත්වැලක්‌

පරිඝනකය තුල සෑදෙන Temporary Files ඉවත් කිරීම
විවිධ අවස්‌ථාවලදී නොයෙකුත් හේතු නිසා පරිඝනකය තුල temporary files සෑදීමට ඉඩ තිබේ. මෙලෙස පරිඝනකය තුල temporary files තැන්පත් වීම නිසා පරිඝනකයෙන් බලාපොරොත්තු වන වේගය ලබා ගැනීමට නොහැකි වේ. එනිසා සතියකට වතාවක්‌ හෝ මෙම temporary files මකා දැමීම කල යුතුය.

Windows Xp සඳහා :
මේ සඳහා පරිඝනකයේ මෙහෙයුම් පද්ධතිය ස්‌ථාපනය කර ඇති දෘඩ පද්ධතිය තෝරා ගත යුතුය. එනම් My computer හි Windows Partition එක තොරා ගන්න. එහි ඇති Documents and Settings ෆෝල්ඩරය විවෘත කරන්න. එහි ඇති අදාල User ගොනුව විවෘත කරන්න. (මෙහිදී Folder Option හි Hidden Files and Folders, දර්ශනය වන ආකාරයට සකසා තිබිය යුතුය) එහි ඇති Local Settings ෆෝල්ඩරය විවෘත කල පසු Temp ලෙස සඳහන් ෆෝල්ඩරයක්‌ දක්‌නට ඇත. මෙම ෆෝල්ඩරය විවෘත කල විට, මේ අවස්‌ථාවේ පරිඝනකය තුල සෑදී ඇති temporary files දැකගත හැක. දැන් මේවා සියල්ල Delete කර Recycle Bin එකෙන්ද ඉවත් කරන්න.

Windows 7 සඳහා :
මේ සඳහා පරිඝනකයේ මෙහෙයුම් පද්ධතිය ස්‌ථාපනය කර ඇති දෘඩ පද්ධතිය තෝරා ගත යුතුය. එනම් My computer හි Windows Partition එක තොරා ගන්න. එහි ඇති Windows ෆෝල්ඩරය විවෘත කරන්න. එහි ඇති Temp ලෙස සඳහන් ෆෝල්ඩරයක්‌ දක්‌නට ඇත. මෙම ෆෝල්ඩරය විවෘත කල විට, මේ අවස්‌ථාවේ පරිඝනකය තුල සෑදී ඇති temporary files දැකගත හැක. දැන් මේවා සියල්ල Delete කර Recycle Bin එකෙන්ද ඉවත් කරන්න.

Java සඳහා NetBeans IDE

A free, open-source Integrated Development Environment for software developers. You get all the tools you need to create professional desktop, enterprise, web, and mobile applications with the Java platform, as well as C/C++, PHP, JavaScript, Groovy, and Ruby.


Download Netbeans 6.9.1 free

For Torrent downloads :
Torrentz for downloading Netbeans 

Firefox 4 Beta


Firefox හි නවතම සංස්‌කරණය වන Firefox 4 Beta  Download කරගැනීම සඳහා පහත Link එක click කරන්න

http://www.mozilla.com/en-US/firefox/beta/

Mozilla Firefox is free and easy to install.

Thursday, November 25, 2010

ඡායාරූප ශිල්පියෙකුගේ උත්සාහය....

ඡායාරූපකරණය තම ජීවිතය කරගත් ඡායාරූප ශිල්පියෙකුට තාත්වික, අර්ථවත් ඡායාරූපයක්‌, තම ජීවිතයට වඩා වුවද වටී. එවැනි ඡායාරූපයක්‌ වෙනුවෙන් තමන් සතු ඕනෑම දෙයක්‌ කැප කිරීමට ඔහු සූදානම් ය..

අපේ සර්ගේ අලුත්ම ප්‍රචාරක කලාව...

අලුත් වැඩකට අත ගැහුවා...

තවත් මාසෙකට වඩා නිවාඩුව දිගයි. කොහෙවත් ගමනක්‌ යන්නත් යෙදෙන්නේ නෑ. මොකද්ද මන්දා මෝසම් වර්ෂාවකට පිංසිද්ධ වෙන්න හවසට රස්‌තියාදුවක්‌ ගහන්න වෙන්නෙත් නෑ. කරන්න දෙයකුත් නැති එකේ අලුත් වැඩකට අත ගැහුවා. මොන වැඩක්‌ වත් එකදිගට කරගෙන යන්න බැරි මට, බලමු මෙක කොච්චර දුරට කරගෙන යන්න පුලුවන් වෙයිද කියලා...