Pages

Saturday, February 12, 2011

Java , path එක set කරගන්න අමාරුද?

මේ දවස්‌ වල අපේ කැම්පස්‌ එකේ ගොඩක්‌ අයට තියෙන ලොකුම ගැටලුව තමයි Command Prompt එකේ Java, compile කරන්න path එක හරියට set කරගන්න බැරි වීම.
ගොඩක්‌ අය මගෙන් මේක කරන හැටි ඇහුවා. මම කියල දුන්නා.
ඒත් එහෙම අය තවත් ඉන්නවා වගේ ....
කෝ... තාමත් එක හරියට කරන්න අමාරු අය ඉන්නවනම් අත උස්‌සන්න.....
ආ... ඉන්නවා...
කමක්‌ නෑ..
මම උදවු කරන්නම්....
Java Programs, Notepad එකේ type කරලා, Command Prompt එකේ compile කරන්න නම්, ඔයාලගේ computer එකේ JDK install කරලා තියෙන්න ඕනේ.
(දැන් මගෙන් JDK install කරන හැටි අහන්න එපා....)
Command prompt එකේ..
set path="C:\Program Files\Java\jdk1.0.6_22\bin"
කියලා type කරන්න.
**මේ path එක ඔයලගෙ computer එකේ හැටියට වෙනස්‌ වෙන්න පුලුවන්. ඒනිසා path එක type කරද්දී, \   \ අතරේ තියෙන folder names වල මුල අකුර විතරක්‌ type කරලා, Tab key එක එබුවාම අදාල Folder name එක fill වෙනවා.
දැන්, ඔයල java source  file එක save කරපු folder එකට command prompt  එකේ working path එක change කරන්න ඕනේ..
ඒක කරන්නේ, cd <folder name> කියන command එකෙන්. මතකයි නේද?
දැන්, ඔයලාට java program එක compile කරන්න පුලුවන්.
ඒත් පොඩි කාරණයක්‌ කියන්න ඔනේ...
ඒ විදියට path එක set කරාම පොඩි අපහසුවක්‌ තියෙනවා. එ තමා, ඔයාල command prompt එක open කරලා java compile කරන්න උත්සාහ කරන සෑම අවස්‌ථාවකදීම, ඉස්‌සෙල්ලා වගේ නැවත නැවත path එක set කරන්න වෙනවා..
නමුත් ඒ අපහසුතාවයෙන් මිදෙන්න, Path එක ස්‌ථීරවම set කරන්න ක්‍රමයකුත් තියෙනවා....
ඒ තමයි..
My Computer වල Properties ගියාම, ඒකේ තියෙනවා Advanced කියල Tab එකක්‌.
( Windows 7 වල Advaced System settings...)
ඒකට ගියාම එකේ යටින් තියෙනව Environment Variables කියලා.
එකේ User variables වල New select කරලා අලුත් variable එකක්‌ හදන්න.
Variable name : path
Value : C:\Program Files\Java\jdk1.0.6_22\bin  (අර කලින් path එකම තමා....)
Ok -> Apply -> Ok

දැන්, ඔයල java source  file එක save කරපු folder එකට command prompt  එකේ working path එක change කරන්න ඕනේ..
ඒක කරන්නේ, cd <folder name> කියන command එකෙන්. මතකයි නේද?
දැන්, ඔයලාට java program එක compile කරන්න පුලුවන්.

එහෙනම් ඔන්න වැඩේ හරි...
ඔබගේ සියලු Java programs, errors නැතුව compile වේවා යන්න මගේ පැතුමයි....!