Pages

Sunday, April 15, 2012

බුදුන් වහන්සේ නමක් චතුරාර්ය සත්‍යය අවබෝධය කරගෙන පාරමිතා පුරා බුදුබවට පත්වේ. එම උතුම් තත්වයට පත්වීම ඉතා අපහසු 
කාර්යයකි.මෙතෙක් ඒ අපහසු තත්වය දිනාගෙන බුදු බවට පත්වු බුදුරජාණන් වහන්සේලා විසි අටකි. 

මේ ඒ පිළිබඳවයි.

01.
තණ්හංකර බුදුරජාණන් වහන්සේ
සුනන්ද පිය රජු හා මනෝනඤ මව් දේවිය මවු පදවිය ලබා උපන් තණ්හංකර බුදුරජාණන් වහන්සේ දින හතක් දුෂ්කර ක්‍රියා කොට 
රුක් අත්තන ගසක මුල බුදුබවට පත්විය.

02.
මේධංකර බුදුරජාණන් වහන්සේ
සුදේව රජු හා යසෝධරා දේවියට මවුපියන් වු මේධංකර බුදුන් සති 02 ක් දුෂ්කර ක්‍රියා කොට කෑල නැමති බෝධි මුලයේදී බුදු බවට පත්විය.

03.
සරණංකර බුදුරජාණන් වහන්සේ
සුමංගල රජු හා යසවතී දේවිය මවුපියන් වු සරණංකර බුදුරජාණන් වහන්සේ පුලිල බෝධි මුලයේදී මාසයක කාලයක් දුෂ්කර ක්‍රියා කොට බුදු බවට පත්විය.

04.
දීපංකර බුදුරජාණන් වහන්සේ
සුදේව රජු හා සුමේධා දේවිය මවුපියන් වු දීපංකර බුදුරජාණන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්‍රියා කොට පුලිල බෝධි මුලයේදී බුදු බවට පත්විය.

05.
කොණඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ
සුනන්ද රජුත්,රම්‍යාවති දේවියත් මවුපියන් වු කොණඩඤ්ඤ බුදුන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්‍රියා කොට සල් ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය.

06.
මංගල බුදුරජාණන් වහන්සේ
මංගල බුදුන් වහන්සේ මාස 08 ක් දුෂ්කර ක්‍රියා කොට නා ගස් සෙවණකදී බුදුබවට පත්විය.උත්තර රජු හා උත්තර දේවිය මවුපියන් විය.

07.
සුමන බුදුරජාණන් වහන්සේ
සුදත්ත රජු හා සිරිමා බිසව මව්පියන් වු සුමන බුදුරජාණන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්‍රියා කොට නා ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය.

08.
රේවත බුදුරජාණන් වහන්සේ
විපුල රජු හා විපුල බිසව මව්පියන් වු රේවත බුදුරජාණන් වහන්සේ මාස07ක් දුෂ්කර ක්‍රියා කොට නා ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය.

09.
සෝභිත බුදුරජාණන් වහන්සේ 
සෝභිත බුදුරජාණන් වහන්සේ සතියක කාලයක් දුෂ්කර ක්‍රියා කොට නා ගසක මුල බුදු බවට පත්විය.සුධම්ම රජු හා සුධම්ම දේවිය මව්පියන් විය.

10.
අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ
යසවන්න රජු හා යශෝධරා දේවිය මවුපියන් වු අනෝමදස්සී බුදුන් වහන්සේ මාසයක් දුෂ්කර ක්‍රියා කොට කුඹුක් ගස සෙවණේදී බුදු බවට පත්විය.

11.
පදුම බුදුරජාණන් වහන්සේ
සුදේව රජු හා අනෝමා දේවිය මව්පියන් වු පදුම බුදුන් වහන්සේ සතියක් දුෂ්කර ක්‍රියා කොට මුරුත බෝධි මුලයේදී බුදුබවට පත්විය.

12.
නාරද බුදුරජාණන් වහන්සේ
මුරුත බෝධි මුලයේදී බුදුබවට පත්විය.

13.
පදුමුත්තර බුදුරජාණන් වහන්සේ
කිරිපලු ගසක යට බුදුබවට පත්වු පදුමුත්තර බුදුන් වහන්සේ සතියක් දුෂ්කරක්‍රියා කොට ඇත.සුජාතා දේවිය හා ආනන්ද රජු මව්පියන් වේ.

14.
සුමේධ බුදුරජාණන් වහන්සේ
බක්මී ගසක් සෙවණේ බුදු බව ලැබු මාස 08 ක් දුෂ්කරක්‍රියා කලේ සුමේධ බුදුන් වහන්සේයි.එම හිමියන්ගේ මව්පියන් වුයේ සුමන දේවිය හා සුදත්ත රජතුමාය.

15.
සුජාත බුදුරජාණන් වහන්සේ
උද්ගත රජු හා ප්‍රභාවති දේවිය මවුපියන් වු සුජාත බුදුන් වහන්සේ මාස 10ක් දුෂ්කර ක්‍රියා කොට හුණ ගසක සෙවණේ බුදු බවට පත්විය.

16.
පියදස්සී බුදුරජාණන් වහන්සේ
සුදත්ත රජු හා සුවේන්ද්‍ර බිසව දෙමාපියන් වු පියදස්සී බුදුන් වහන්සේ මාසයක කාලයක් දුෂ්කර ක්‍රියා කරමින් කුඹුක් සෙවණකදී බුදුබවට පත්විය.

17.
අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ
සපුගසක සෙවණේ මාස 08 ක් දුෂ්කරක්‍රියා කොට අත්ථදස්සී බුදුන් වහන්සේ බුදු බවට පත්විය.දෙමාපියන් සාගර රජු හා සුදර්ශණා දේවිය වේ.

18.
ධම්මදස්සි බුදුරජාණන් වහන්සේ
සුනන්ද දේවිය හා සරණ රජු මව්පියන් වු ධම්මදස්සි බුදු හිමි ධම්මදස්සි බුදුන් වහන්සේ සතියක් දුෂ්කර ක්‍රියා කොට කරවි ගසක් යට බුදු බවට පත්විය.

19.
සිදුහත් බුදුරජාණන් වහන්සේ
කිණිහිර බෝධිය කර ගෙන සිදුහත් බුදු හිමි බුදු බව ලැබු අතර මාස 10ක් දුෂ්කර ක්‍රියා කොට ඇත.පියා උදේනි රජුද, මව සුප්පා බිසව විය.

20.
තිස්ස බුදුරජාණන් වහන්සේ
කොහොඹ ගසක මුලයේ බුදුබව ලැබු තිස්ස බුදුරජුන් මාස 08 ක් දුෂ්කර ක්‍රියා කොට ඇත. එම හිමියන්ගේ මව්පියන් වුයේ පදුමා දේවිය හා ජනසන්ධ රජතුමාය.

21.
ඵුස්ස බුදුරජාණන් වහන්සේ
ඵුස්ස බුදුන් වහන්සේ මාස 06 ක් දුෂ්කර ක්‍රියා කොට නෙල්ලි ගසක සෙවනේ බුදු බවට පත්විය. එම හිමියන්ගේ මව්පියන් වුයේ සිරිමා දේවිය හා ජයසේන රජතුමාය.

22.
විපස්සි බුදුරජාණන් වහන්සේ
පලොල් ගසක සෙවණේ මාස 08 ක් දුෂ්කරක්‍රියා කොට විපස්සි බුදුන් වහන්සේ බුදු බවට පත්විය. මාපියන් වුයේ මදුමති දේවිය හා බන්දුන්තු රජතුමායි.

23.
සිඛි බුදුරජාණන් වහන්සේ
අඹ ගසක සෙවණේ මාස 08 ක් දුෂ්කරක්‍රියා කොට සිඩ් නම් බුදුන්වහන්සේ බුදු බවට පත්විය. එම හිමියන්ගේ මව්පියන් වුයේ ප්‍රභාවති දේවිය හා අරුණවන්තු රජතුමාය.

24.
වෙස්සභු බුදුරජාණන් වහන්සේ
සල් ගසක සෙවනේ බුදු බව ලබා ගත් වෙස්සභු බුදුන් වහන්සේ මාස 06 ක කාලයක් දුෂ්කර ක්‍රියා කොට ඇත. මාපියන් වුයේ යසවති බිසවත් හා සුප්පාසික රජතුමායි.

25.
කකුසඳ බුදුරජාණන් වහන්සේ
කකුසඳ බුදුන් වහන්සේ මාස 10ක් දුෂ්කරක්‍රියා කොට බක් ගසක සෙවණේ බුද බව ලබාගත්තේය.ඛේම පියරජුත්,විශාකා දේවියත් මව්පියන් විය.

26.
කෝණාගම බුදුරජාණන් වහන්සේ
දිඹුල් ගසක සෙවණේ බුදු බව ලැබු කෝණාගම බුදුන් වහන්සේ මාස 06ක් දුෂ්කර ක්‍රියා කරන ලදි.මව උත්තරා දේවියද, පියා යඤ්ඤදත්ත රජු ද විය.

27.
කස්සප බුදුරජාණන් වහන්සේ
ධනවති දේවියත්,බ්‍රහ්මදත්ත රජු දෙමව්පියන් වු කස්සප බුදුන් වහන්සේ සතියක් දුෂ්කර ක්‍රියා කොට නුග සෙවණකදි බුදු බවට පත්විය.

28.
ගෞතම බුදුරජාණන් වහන්සේ
මහාමායා දේවියත් සුදෝවුන් රජුත් දෙමව්පියන් වු ගෞතම බුදුන් වහන්සේ අවුරුදු 06 ක් දුෂ්කර ක්‍රියා කොට ඇසතු බෝධි මුලයේ දී බුදුබවට පත්විය.

Sunday, October 23, 2011

නාසා ආයතනය අත්හදා බැලීමක් වශයෙන් නෙප්චූන් වලට මනුෂ්‍යයෙක් යැවීමට සූදානම් වෙයි.
නමුත් ගිය කෙනාට ආපසු මෙහි එන්නට නොහැක.
නමුත් ඉල්ලන ගානක් දෙයි.
එයට සහභාගි වූ අයදුම් කරුවන් සහ නාසා ආයතනයේ නිලධාරියෙකු අතර ඇති වූ කතාවක්.

මුලින්ම පැමිනියේ විශ්‍රාමික රුසියානු හමුදා භටයෙකුයි.

හමුදා භටයා:-"මට ඕනා ඩොලර් 100000. ඒවා මම රුසියානු හමුදාවට පරිත්‍යාග කරනවා".

දෙවනුව පැමිනියේ ඇමෙරිකාවෙ ඩොක්ටර් කෙනෙකි.

ඩොක්ටර්:-"මට ඕනා ඩොලර් 200000ක්. මම ඒවා ඇමෙරිකාවෙ සෞඛ්‍ය සංවිධානෙකට දෙනවා."

තෙවනුව ආවෙ ලංකාවෙ හිටපු අමත්‍යවරයෙකි.

ඇමතිවරයා:- "මට ඕනා ඩොලර් 30000ක්."

නිලධාරියා:-එච්චර මොකටද?

ඇමතිවරයා:- "100000 ක් ඔයාට. 100000 ක් මට. ඉතුරු 100000 දීලා අර රුසියන් කාරයව යවමු...!"

Monday, October 17, 2011

සොඳුරු මිනිසුන්

ලංකාවේ ගීත කලාවේ ඒකාලේ ප්‍රසිද්ධ උනේ ගායකයෝ හින්දම විතරක් නෙවේ නේ...ඒ කාලේ ගීත රචකයෝ කොච්චර ප්‍රසිද්ධ ද? මතකද කරුණාරත්න අබේසේකර..ප්‍රේමකීර්ති ද අල්විස්...චන්ද්‍රරත්න මානවසිංහ....රත්න ශ්‍රී විජේසිංහ...ඩෝල්ටන් අල්විස්...වගේ අය ..?? 

මේ මිනිස්සු නිකම්ම නිකන් ගීත රචකයෝ නෙවේ...හුගක් උගත් බුද්ධිමත් ලේඛකයෝ...මාධ්‍යවේදීන් ..නිවේදකයෝ...ගුරුවරු වගේ අය...ඒ ගොල්ලන් හුගක් සින්දු ලිව්වේ ආයාසයක් නැතුව...එදිනදා එයාල දැක්ක දේවල් ගැන මයි...මේ තියෙන්නේ ඒ වගේ දේවල් කීපයක් මම අහල තියෙන....

දවසක් වික්ටර් රත්නායක ල , ප්‍රේමකීර්ති ල සෙට් වෙලා නිලාවැලි වෙරළේ ....ඒ වෙලේ ප්‍රේමකීර්ති වෙරළේ තිබ්බ ගලක් උඩ නැගල..අහසේ තිබ්බ තරුවක් දිහා බලාගෙන...තනි තරුවේ..............කියල කෑ ගැහුවලු.එක අහගෙන හිටපු වික්ටර් රත්නායක කොල කැල්ලක මුල් පද පේලිය ලියාගෙන තියනවා.

කියල...පස්සේ තමයි මුලු සිංදුවම ලියලා තියෙන්නේ   

ප්‍රේමකීර්ති ද අල්විස් ගැන තව පොඩි රහසක් තියෙනවා..
දවසක් වික්ටර් රත්නායකයන්  ප්‍රේමකීර්ති ද අල්විස් සමග පොඩි ගමනක් යනවලු. 138 මහරගම-කොටුව බස් එකේ... මෙහෙම යන අතරමගදී වික්ටර් රත්නායක ප්‍රේමකීර්ති ද අල්විස්ට කිවුවලු.. "මට අම්මා ගැන කියවෙන මවු ගුණ ගීතයක් ලිය දෙන්න.." කියලා..
ටිකක් කල්පනා කරපු ප්‍රේමකීර්ති ද අල්විස්, අතේ තිබුන බස් ටිකට් එකේ පිට පස්සේ මොනවද ලියලා දුන්නලු...
එදා ඒ බස් ටිකට් එකේ ලියපු දේ තමයි...

යන වික්ටර් රත්නායකයන් ගයන කිසිදා නොනැසෙන ගීතය..

ඒ කාලේ රත්න ශ්‍රී විජේසිංහ තරුණ ගුරුවරයෙක් විදියට දුෂ්කර සේවය කරලා තියෙන්නේ මොනරාගල... හම්බන්තොට පැත්තේ...බොහොම කටුකයි නේ....ඉතින් ඒ දවස්වල එයා වැඩට යන්නේ පයින් ...ඔහොම දවසක් යනකොට මිනිස්සු ඉඩමක් වටකරගෙන මහා උද්ගෝෂණයක් ලු...ඒ ගොල්ලන් බැකෝ ඩෝසර් ලොරි තඩි නවත්තගෙන කෑ ගහනවලු...බලනකොට ඒ පැත්තේ වැවක් අයිනේ කැලේ එලි කරලා විදේශීය සමාගමකින් හෝටලයක් හදන්න ලෑස්ති වෙනවලු...මිනිස්සු මේකට විරුද්ධව පෙළ ගැහිලා....

ඉතින් එදා ගෙදර ආපු රත්න ශ්‍රී...ඒ පළාතේ මිනිස්සුන්ගෙම දේව යාගයක තාලය පදනම් කරගෙන ලියපු සින්දුව....

 කියන කපුගේ ගේ අපිට නැතුවම බැරි අපුර්ව ගීතය...


ඒ වගේම රත්න ශ්‍රී සර් උදේට වැඩට යනකොට හැමදාම යනවලු පුංචි දුප්පත් පැලක් පහු කරගෙන...මේ ගෙදර ඉන්නවලු පුංචි ගෑනු දරුවෙක් ...ගේ ඉස්සරහ තියෙන ලස්සන නෙලුම් විලෙන් නෙලුම් මල් කඩාගෙන හිනා වෙවී සෙල්ලම් කරන මේ දරුවාගේ ලස්සන හුරතල් දර්ශනයෙන් හිත හෑල්ලු කරගෙන බොහම සතුටෙන් ලු එතුමා වැඩට යන්නේ...

දවසක් මෙහෙම යනකොට මේ දරුවා පේන්න නැතිලු...ඒ වෙනුවට ගෙදර සෙනග පිරිලා ...පොඩියට සුදු කොඩියකුත් පේනවලු...මහා විලාපයකුත් ඇහෙනවලු...ඇඟ සසල වෙලා ගිය රත්න ශ්‍රී...ඒ පැත්තට ගිහින් බැලුවාලු...දැනගත් දෙයින් එතුමාගේ ඇස කඳුලින් තෙමුනලු....

ඊට කලින් දවසේ රෑ ගෙදර අම්මයි තාත්තයි පුංචි දරුවා ගෙදර තියල පොඩ්ඩකට හේනට ගිහින්....ඒ ටිකට ගෙදරට රිංගපු කාමාතුර යක්ෂයෙක් මේ පොඩි එකාව විනාස කරලා...ඒ කම්පනය දරාගන්න බැරුව ඒ දරුවා හඳ පාන බැබලි බැබලි තිබුන අර නෙලුම් විලටම පැනල දිවි තොර කරගෙන...

මේ හද කම්පා කරවන සිද්ධිය මුල් කරගෙන රත්න ශ්‍රී අතින් ඒ දරුවාගේ පියා නගන ශෝකාලාපය ගීයකට නැගී...සුනිල් එදිරිසිංහයන් ගේ සංවේදී කටහඩින් ගැයුනේ...

යන ලෙසින්....


මේ විස්තර රත්න ශ්‍රී සර් ම කිව්වේ ගාල්ල ශාන්ත අලිවිශියස් විද්‍යාලයේ මාධ්‍ය දිනයට ප්‍රධාන ආරාධිතය ලෙසින් පැමිණි වෙලාවේ...

ඔය අතරින් රසවත්ම සිද්ධිත් තියෙනවා...මේ ඒ වගේ එකක්...

දවසක් ප්‍රියා සුරියසේන ..ප්‍රේමකීර්ති ව හම්බවෙන්න ගියේම සින්දුවක් ලියවාගන්න...නිකම්ම නෙවේ...'බෝතලේකුත්' අරගෙන...හැබැයි යනකොට මෙන්න ප්‍රේම් කලබලෙන් කොහේදෝ යන්න ගෙයින් එලියට බහිනවලු....

අයියෝ මචං...කොහෙද යන්නේ...මම මේ ආවේම උබට කියල සින්දුවක් ලියවගන්න...


මදක් නැවතුනු ප්‍රේම්...මාරුවෙන් මාරුවට ප්‍රියා දෙසත්..බෝතලේ දෙසත් කිහිප වරක් බැලීය...බෝතලේ දාල යන්නත් දුකය...ගමනත් නොගිහින්ම බැරිය...

සිය සාක්කුවෙන් කොලයක් සහ පෑනක් ගත ප්‍රේම් එහි හනිකට යමක කුරුටු ගා ප්‍රියා අතේ තබා..පාරට දිව ගොස් බසයක එල්ලී ගියේය....බලාපොරොත්තුව කඩවුනු නිසා ඔහු යන දෙස දුකින් බලා සිටි ප්‍රියා...ඔහු ගිය පසු ප්‍රේම් දුන් කොලය දෙස බැලීය...එහි මෙසේ සටහන් ව තිබිණි...


මේ කතාව කිව්වේ ජාතික රුපවාහිනියේ ගිය ප්‍රේමකීර්ති ගුණානුස්මරණ වැඩසටහකදී මිට වසරකට විතර කලින්.....


මෙවැනි සොදුරු මිනිසුන් අද වනවිට නැත....ඔව්න් ඇතැමෙක් නිකරුනේ මරා දැමුහ...සමහරෙක් මධුවිතෙන්ම නිරපරාදේ සිය ජීවිත අඳුරු කරගත්හ......අද fm නාලිකා වලට මේ මිනිසුන් මතක නැතත්...සුපර් ස්ටාර්...වැනි වැඩසටහන් වලදී යලි ජීවමාන වෙන්නේ මේ මිනිසුන්ගේ සිත් වල පැන නැගී මේ සුන්දර සිතුවිලි මය..නැතිව නව පරපුරේ ගීත නොව..මාද නව පරපුරේ හොද ගීත තෝරාබේරාගෙන ඇහුවත් අපිට අද ඊයේ අහන ගීත වැඩි කල් යන්නට පෙර අමතකය...ඒත් මොවුන් ගේ ගීත එහෙම අමතක වෙනවද ???

(යම් කරුණු උපුටා ගෙන ඇත)

Sunday, October 16, 2011

ශ්‍රී ලංකා පොලීසියට නවකයන් බඳවා ගන්නා සම්මුඛ පරීක්ෂණයකි.
නවක තරුණ අයදුම්කරුවෙකු පොලීසියේ ඉහල නිලධාරියෙකු ඉදිරියේ වාඩි වී සිටියි.

අයදුම්කරු ගේ සහතිකපත් ආදිය පිරික්සූ ඉහල නිලධාරියා, තරුණයාගේ සාමාන්‍ය දැනුම පිරික්සීම සඳහා ප්‍රශ්න කීපයක් ඇසුවේය.

නිලධාරියා : "එහෙනම් පුතා.. කියන්න බලන්න 'කව්සිළුමිණ' ලිව්වේ කවුද? "
අයදුම්කරු ඔලුව කසමින් කල්පනා කරන්නට විය. උත්තරය ඔහුට මතක නැති පාටය...

මේ අතර පොලිස් නිලධාරියාට හදිසි රාජකාරියකට බැහැරට යන්නට සිදු විය.

නිලධාරියා : "කමක් නෑ .. හදිස්සි නෑ.. කල්පනා කරලා කියන්නකෝ..."
තරුණයාට එසේ කිවු නිලධාරියා එලියට යන ගමන් වෙනත් කොස්තාපල් වරයෙකු අමතා,
"මම එනකල් අර කාමරේ ඇතුලෙ ඉන්න කෙනා ගෙන් 'කව්සිළුමිණ' ලිව්වෙ කවුද කියල අහල තියාගන්නවා..".

විනාඩි 10 කින් ආපසු පැමිණි නිලධාරියාට නිලකාමරය තුල දකින්නට ලැබුනු දර්ශනය මෙසේය...
පුටු පෙරළී සී සී කඩ විසිරී ඇත.
තරුණයා සිහි සුන්ව අත පය විහිදා ගෙන මේසය මත පත බෑ වි සිටී...

නිලධාරියා :"කොස්තාපල් ! මොකද්ද මෙතන සිද්ධ වුනේ ??"

කොස්තාපල් : "සර් නිකන් මේ කබ්බ කොල්ලො හුරතල් කරනවා... බලන්නකො සර්.. මම මූට දෙකයි ඇන්නෙ, ඔය යස අගේට ඌ පිලිගත්තෙ 'කව්සිළුමිණ' ලිව්වෙ  ඌ කියල.....!"

Friday, September 23, 2011

‎ලිබියාව සහ කර්නල් මුවම්මර් ගඩාෆි ගැන ඔබ නොදත් කරුණු....

1.ලිබියාවේ විදුලි බිල් නොමැති අතර විදුලිය, සියලු ලිබියානු වැසියන්ට නොමිලේ ලබා දේ.


2.ලිබියාවේ බැංකු රජය සතු වන අතර බැංකු ණය සදහා පොලිය 0% කි,එනම් බැංකු ණය සදහා පොලී අය 
නොකරයි.


3.නිවසක් යනු සියලු ලිබියන් වැසියන් ගේ මානව අයිතියක් ලෙස සලකන අතර සියලු ලිබියන් වැසියන්ට 
නිවසක් ලැබෙන තුරු තම දෙමව්පියන්ට නිවසක් ලබා නොදෙන බවට ගඩාෆි දිව්‍ රා ඇත.



4.අලුතින් විවාහපත් වන අය සදහා රජය විසින් ඩිනාර් 60000ක්(ඇ.ඩො 50000ක්) ලබා දෙයි,ඒ ඔවුන්ට 
නිවසක් ලබා ගැනීමටයි.


5.අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවන් සියල්ල නොමිලේ වන අතර ගඩාෆි පැමිනීමට පෙර ලිබියාවේ 
සාක්‍ෂරතාව 25% පමනක් වූ අතර දැන් එම අගය 83% කි.


6.ලිබියන් වැසියන් රැකියාව ලෙස ගොවිතැන තෝරා ගනු ලැබූවොත් ඔවුන්ට ගොවිතැන් කිරීමට 
භූමියක්,ගොවි නිවසක්,උපකරණ,බීජ වර්ග නොමිලේ ලබා දේ.


7.ලිබියන් වැසියන් ලිබියාවේදී ඔවුන්ට ලැබෙන අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා ගැන සෑහීමකට පත් 
නොවනවා නම් පිටරටකට ගොස් එම සේවා ලබා ගැනීම සදහා රජය විසින් ඇ.ඩො 2300ක දීමනාවක් ලබා 
දෙයි.


8.ලිබියන් වැසියෙක් ලිබියාවේදී කාර් රථයක් මිලදී ගන්නවා නම් රජය විසින් එහි මිලෙන් අඩක් ලබා දෙයි.

9.ලිබියාවේ පෙට්‍රල් ලීටරයක මිල ඇ.ඩො 0.14 කි


10.ලිබියාව ලොව කිසිම රටකට හෝ බැංකුවකට ණය නැති අතර ලිබියාව සතු සංචිත ප්‍රමාණය ඇ.ඩො 
බිලියන 150කි


11.ලිබියන් වැසියෙකු උපාධිය ලබා ගැනීමෙන් පසු ඔහුට සරිලන රැකියාවක් ලැබෙන තුරු ඔහුගේ 
රැකියාවට අනූව ලැබෙන වැටුප මෙන් ගෙවීමක් රජය විසින් කරයි.


12.ලිබියාවේ තෙල් විකුණා ලැබෙන ආදායමෙන් කොටසක් සෑම ලිබියන් වැසියෙකුගේම බැංකු ගිණුමට 
බැර වෙයි.


13.දරුවෙකු බිහි කරන සෑම මවකටම ඇ.ඩො 5000ක දීමනාවක් රජයෙන් ලබා දෙයි.


14.ලිබියාවේ පාන් රාත්තල් 40ක මිල ඇ.ඩො 0.15කි.



15.ලිබියන් වැසියන් 25% කට විශ්ව විද්‍යාල උපාධියක් ඇත.


16.ලොව විශාලතම වාරි මාර්ග ව්‍යාපාරය ගඩාෆි විසින් සිදු කල අතරකාන්තාර දේශයක් වන ලිබියාව පුරා 
ජලය සුලභ කිරීමට ඉන් හැකි විය.

(මෙම කරුණු ගඩාෆි පාලන සමයට අදාල ඒවා බව සඳහන් ය)

(-අන්තර්ජාලය ඇසුරෙන්-)


මෙහි සඳහන් කරුණු බොහෝ දුරට සත්‍ය බව පහත සඳහන් පුවත්පත් ලිපියෙන් සනාථ වේ.
ලංකාදීප
2011 නොවැම්බර් මස 02 වැනි බදාදා 

Monday, June 20, 2011

ඔරිමජිනල් ගැහැණු මායම් 64.

ගැහැණු මායම් 64 මොනවාදැයි සමහරුන් නොදන්නවා විය හැකිය. දන්නවා වුවත්, බොහෝ දෙනා ඔරිමජිනල් ගැහැණු මායම් 64 දන්නේ නැත. එහෙනම් මෙන්න කියවන්න, දැනගන්න, මතක තියා ගන්න !

1. නෙතඟ බැල්ම

2. ඇස කරකැවීම

3. ඇස්‌ විටින් විට පියවීම

4. ඇස්‌ නෙරවා බැලීම

5. වරින් වර බැලීම

6. ඇස්‌ අඩක්‌ වසා බැලීම

7. ඇස්‌ සම්පූර්ණයෙන් විටක වැසීම

8. ඉවත බලා සිටීම

9. යමක්‌ සිඹගැනීම

10. නාසය අකුලුවා ගැනීම

11. සුසුම් හෙළීම

12. කට කොනින් සිනාසීම

13. තොල පිට පෙරළා සිනාසීම

14. කොක්‌ හඬලා හයියෙන් සිනාසීම

15. තොලින් තොල පටලැවීම

16. බොරුවට කැස්‌සක්‌ ඇති කරගැනීම

17. දිව දික්‌කිරීම

18. දිව සපමින් සිටීම

19. දිව ඒ මේ අත නැටවීම

20. කාරා කාරා එය යටපත් කිරීම

21. රෙද්ද නැවත නැවත ඇඳීම

22. පැළඳි ආභරණ විටින් විට නැවත නැවත අතගෑම

23. සුරු අත වැනීම

24. බඩ පෙදෙස අතගාමින් සිටීම

25. දෙඅත් කැසීම

26. දෙපා කැසීම

27. ළයෙහි අත් තබා සිටීම

28. දෙඅත් බැඳගෙන සිටීම

29. දෙපාවලට බරදෙමින් ඇවිදීම

30. දෙපාවලින් ඉරි ඇඳීම

31. දෙපා එකට වද්දා ගැනීම

32. ඉන්ද්‍රියන් පෙනෙන ලෙසින් හැඳීම

33. ඉන්ද්‍රියන් පෙනෙන සේ හැසිරීම

34. අවේලාවේ උඩුකුරුව නිදියැම

35. දොරකඩ නිකරුනේ සිටීම

36. තුෂ්නිම්භූතව සිටීම

37. දෙපා ඈත්කර විහිදා සිටීම

38. උඩබලාගෙන හිඳීම

39. කරබාගෙන හිඳීම

40. පෙකණිය පෙනෙනසේ රෙද්ද ඇඳීම

41. බොළඳ ලෙසින් කතා කිරීම

42. තන තදකර කිටි කිටියේ ඇඳීම

43. මඳක්‌ ඇලවී බැලීම

44. දෙඋර නැටවීම

45. ඉඟටිය පැද්දීම

46. පියයුරු සෙළවීම

47. දුවගොස්‌ ගෙට වැදීම

48. දොර ජනෙල් කවුළුවලින් එබී බැලීම

49. නිකරුනේ ඈනුම් ඇරීම

50. කොණ්‌ඩය නොබැඳ කඩාගෙන හිඳීම

51. යමින් එමින් ආපසු හැරි හැරී බැලීම

52. රෙදිපිට කොණක්‌ අතින් අල්ලාගෙන යැම

53. ශබ්දකොට කථා කිරීම

54. දරුවන් බොරුවට හුරතල් කිරීම

55. කෝපවූ සේ බොරුවට පෙන්වීම

56. ස්‌ත්‍රීන්ගේ අගුණ කීම

57. කවට වදන් තෙපලීම

58. පිරිමින්ගේ අගුණ කීම

59. බොරු නෑකම් සබඳකම් කීම

60. බුලත් විට කෑම සහ ඊට ගිජුබව දැක්‌වීම

61. ක්‌ලාන්ත ගති පෙන්වීම, අමාරුව ඇඟවීම

62. විසිතුරු දෙයෙහි කුහුලක්‌ දැක්‌වීම

63. බොරු බිය පෙන්වීම, කූඹින්ටත් බියවී දැඟලීම

64. 


(-පුවත් පත් ඇසුරෙන්-)

දැනගන්න වටින ඕපදූප ටිකක්‌......( 2 වන කොටස )

1. "queue" කියන වචනය තමයි English වල තියන එකම වචනය මුල අකුර විතරක් ශබ්ද වෙලා අනිත් අකුරු ශබ්ද නොවන එකම වචනය.
2. English වල තියන “Set” කියන වචනය තමයි වැඩිපුරම තේරුම් තියන වචනය.
3. "Almost" කියන වචනය තමයි English වල තියන දිගම වචනය, 'alphabetical order' එකට අකුරු තියන.
4. 1386දි ප්‍රංශයේදි ඌරෙක්ව ළමා ඝාතනයක් වෙනුවෙන් එල්ලා මරල තියනව.
5. ලෝකයේ හැම මහාද්වීපයකම “Rome” කියල නගරයක් තියනව.
6. Iceland වල බල්ලො ඇති කරන්න තහනම්ලු.
7. දකුනත් අය වමත් අයට වඩා සාමාන්‍යයෙන් අවුරුදු 9ක් ජීවත් වෙනවලු.
8. අපේ ඉළඇටය වසරකට මිලියන 5කට වඩා වර ගනනක් චලනය වෙනවලු.
9. අපේ ශරීරයේ සියලුම අස්ථි වලින් කාලක්ම තියෙන්නෙ අපේ පාද වලලු.
10. කකුලට වඩා අත් වල නියපොතු හතර ගුනයක් ඉක්මනින් වැවෙනවලු.
11. හම්බෙල්ලට නහයවල් 4ක් තියනවලු.
12. බූරුවගෙ ඔලුවෙ ඇස් තියන විදිය නිසා ඌට හැම වෙලෙම උගෙ කකුල් 4ම පෙනවලු.
13. නරක් නොවන එකම ආහාරය පැණි වේ.
14. දිව තමයි ශරීරයට එක කොනකින් පමනක් සවි වන එකම මාංශ පේශිය.
15. අප්‍රිකා මහද්වීපයේ පමනක් භාශා 1000 විතර භාවිතා කරනවලු.
16. නිශ්පාදනයේදි වර්ණ එකතු කලේ නැත්නම් Coca-Cola කොළ පාටයිලු.
17. ලොව වැඩිම දෙනෙක් ආසත්මික තාවයක් දක්වන අහාරය එළකිරි ලු.
18. අලියෙකුට සැතපුම් 3ක් දුරින් ජලය තියන තැන් ඉව වැටෙනවලු.
19. හාවට සහ ගිරවට තම ඔලුව හරවන්නෙ නැතිවම පිටිපස්ස දකින්න පුලුවන්ලු.
20. නිල් තල්මසෙකුගෙ හදවතක් සාමාන්‍යයෙන් මෝටර් රථයක් තරම් විශලලු.
21. කිසිම කෙනෙකුට තමන්ගේම වැලමිට තම දිවෙන් ස්පර්ශ කරන්න බැහැලු.
22. සාමාන්‍යයෙන් පැන්සලකින් සතපුම් 35ක් දිග ඉරක් අදින්න පුලුවන්ලු.
23. නිල් තල්මසාගෙ උරුවම මිහිපිට සත්වයකු විසින් අති කරන විශාලම ශබ්දයයි.
24. කිබුලෙකුගේ දිව සෙලවිය නොහැකි එකකි. තවද ඌට සැපීමටද නොහැකිය. නමුත් ඌගෙ ජීර්න පද්ධතිය වානේ  ඇණයක් දිරවීමට තරම් ප්‍රබලය.
25. මීයෙකුට ඔටුවකුට වඩා වැඩි කාලයක් වතුර නැතිව දුවන්න පුලුවන්ලු.
26. සුදු වලස්සු සාමාන්‍යයෙන් වමත් කරුවො වෙති.
27. නාවික සැතපුමක් අඩි 6,080 වන අතර භූමි සැතපුමක් අඩි 5,280 වේ.
28. පහල වචන සියල්ලෙහිම එකම අකුර දෙවරක්‌ බැගින් යෙදී තියනව.
INTESTINES, APPEASES, ARRAIGNING, BERIBERI, BILABIAL, CAUCASUS, CHOWCHOW, CONCISIONS, COUSCOUS, ESOPHAGOGRAPHERS, FROUFROU, GENSENGS, GREEGREE, GUITGUIT, HAPPENCHANCE, HORSESHOER, HOTSHOTS, JIPIJAPA, MAHIMAHI, MESOSOME, MILLIEME, MIMETITE, RAPPAREE, REAPPEAR, SCINTILLESCENT, SHAMMASH, SHANGHAIINGS, TEAMMATE, UNSUFFICIENCES, VETITIVE

29. මේ විශ්වයේ විනාඩියකට අකුනු 6000 ඇති වෙනවලු.
30. ලෝකයේ 10% පමණ දෙනා වමත් කරුවෝය.
31. කූබීන් කවදාවත් නිදා ගන්නේ නහැලු.
32. පූසාගේ හකු, දෙපැත්තට චලනය කරන්න බැහැලු.
33. ජෙලිෆිශ්ගෙ ශරීරයේ 95%ම තියෙන්නේ ජලය ලු.

(-අන්තර්ජාලය ඇසුරෙන්-)